31 C
Colombo
Tuesday, January 7, 2025

‍රනිල් අද ජපන් අධිරාජ්‍යයා හමුවට පසුව පිලිපීනයට

- Advertisement -

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන අධිරාජ්‍යයා වන නරුහීටො හමුවී ඇති බව වාර්තා වනවා.

ටෝකියෝ නුවරදී එම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මීට පෙර ජනාධිපතිවරයා ජපානයේ අග්‍රාමාත්‍ය ෆුමියෝ කිශිඩා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා සිදු කරනු ලැබුවා.

එමෙන්ම, රනිල් ඔහුගේ ජපාන සංචාරය අවසන් කරමින් අද පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත වනවා. ඒ, එරටදී ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ සමුළුවට සහභාගිවීම සඳහායි. මෙවර සමුළුවේ මුලසුන ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

පිලිපීනයේ රැඳී සිටින කාලය අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව පිලිපීන ජනාධිපතිවරයාද හමුවීමට නියමිතයි.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල ශ්‍රී ලංකාව ණයහිමි රටවල් සහ සංවිධාන සමග සාකච්ඡා පවත්වමින් සිටින අතර ‌මේ නිසා ජනාධිපතිවරයාගේ පිලිපීන සංචාරය අතිශය තීරණාත්මක වනු ඇත.

RECENT ARTICLES - SINHALA

චීනෙට යන ලංකාවේ කුකුල්ලු

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන්...

ජනපතිගේ චීන සංචාරය ලබන සතියේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන සතියේදී චීනය බලා යෑමට නියමිතව තිබෙනවා. ඒ අනුව,  එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා ජනාධිපතිවරයාගේ  චීන නිල සංචාරය...

මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවලා

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය...

POPULAR ARTICLES