28 C
Colombo
Tuesday, September 17, 2024

සිසුවෙක්ට පහර දුන් මිරිස් කුඩු ඇමති පුත්‍රයාට පොලිස් ඇප..!

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා සහ තවත් පිරිසක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, කිරිබත්ගොඩදී පාසල් ළමුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිටට පැමිණි තරුණයින් කණ්ඩායමක් විසින් එහි සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකර තිබුණේ පසුගිය 26 වනදායි. පොලීසිය පැවසුවේ ඒ අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ 20 හැවිරිදි පුත්‍රයා ද සිට ඇති බවයි.

අනතුරුව පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලීසිය විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රායා අතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ ඇමති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට, අදාළ සිසුන් දෙනොගෙන් අයෙක් පෙම් හසුනක්දීමේ සිද්ධියක් මෙම පහරදීමට හේතුවී ඇති බවයි.

එමෙන්ම පහරදීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැමිණ ඇත්තේ ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති WP KX 8472 දරන මෝටර් රථයෙන් වන අතර එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරයි.

සැකකරුවන්ගේ පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇති අතර සැකකරුවන් පස් දෙනාද කිරිබත්ගොඩ පොලීසිය විසින් පොලිස් ඇප මත මුදාහැර තිබුණි.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...