25 C
Colombo
Wednesday, January 15, 2025

ප්‍රවීන රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

මෙරට සිටි අතිදක්ෂ ප්‍රවීන රංගන ශිල්පීයෙකු වන දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 41 ක්.

අද උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව දර්ශන් මහතා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දර්ශන් ධර්මරාජ් මහතා සිඩ්නි චන්ද්‍රසේකර මහතාගේ A9 ටෙලි නාට්‍යය හරහා පළමුව රූපවාහිනියට පිවිසෙන අතර 2008 වසරේ තිරගත වූ ප්‍රභාකරන් චිත්‍රපටයෙන් සිය සිනමා ජීවිතය ආරම්භ කළා.

ද්‍රවිඩ ජාතිකයෙකු වූ දර්ශන් ධර්මරාජ් මහතා සිය පළමු ටෙලි නාට්‍ය සදහා රංගනයෙන් දායකවන විට සිංහල භාෂාව හැසිරවීමට කිසිදු දැනුමක් නොතිබුණද මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ ඔහු සිංහල භාෂාව ඉතා හොඳින් ඉගෙන ගනු ලැබූවා.

මචං, ඉරහඳ යට, ඉනිඅවන්, මාතා, ඇඩ්‍රස් නෑ, ස්පන්දන, ආලෝකෝ උදපාදි, දැවෙන විහඟුන්, සුනාමි වැනි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ ඔහු ඉනි අවන් චිත්‍රපටය වෙනුවෙන් 2012 වසරේ හොඳම නලුවා සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබුවා.

RECENT ARTICLES - SINHALA

කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක්

කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා සඳහන් කළේ, දැනටමත්...

අද මි.මි 100 ඉක්ම වු වැස්සක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර, ඌව,...

දොඩංගොඩ වෙඩිතැබීමක්

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසනවා. නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවද පොලීසිය සඳහන් කළා. වෙඩිතැබීමෙන්...

POPULAR ARTICLES

දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට

දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බී. බී.සි පුවත් සේවය වාර්තා කළේ, යූන් සොක් යෝල් රැගත් රථ...