මන්දපෝෂනය සම්බන්ධව ඇතැමුන් ගොඩ නගන තර්කය නිවැරදි නම් නාමල් රාජපක්ෂට මෙන්ම තමාට ද මන්දපෝෂණය තිබිය යුතු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා.
ඒ, ඊයේ (03) දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“2016 ඉඳලා නෙවෙයි මන්දපෝෂණය ඉතිහාසයේ ඉඳලා තියෙනවා ඕනෑ ම රටක. යම් ප්‍රමාණයකට. දැන් කියනවනේ, බිත්තර ගණන්. කිරි ගණන්. මාළු ගණන්. මස් ගණන්. ඕකනේ කියන්නේ. මං උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ. මට දැන් මන්දපෝෂණය. නාමල් රාජපක්ෂ මහත්තයට මන්දපෝෂණය. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ. අර පොළොන්නරුවේ චින්තක, බර උසුලන ශූරයා මිනිහත්, එළවළු විතරයි කන්නේ. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑ. මිනිහට මන්දපෝෂණය.”