අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීමට ගාලු මුවදොරට රැස්වූ පිරිස පළවා හැරීමට පොලීසිය අද (09) පස්වරුවේ කටයුතු කළා.
මෙහිදී පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවටද ගැණුනා.
සැමරුම ආරම්භ වූ අවස්ථාවේ පොලීසිය ඔවුන්ට ඉන් ඉවත්වන ලෙස ශබ්ද විකාශන යන්ත්ර ඔස්සේ දැනුම්දීමට පොලීසිය කටයුතු කළා.
කෙසේවෙතත් අරගලකරුවන් ඊට අනුගත නොවීම නිසා ඔවුන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.
අනතුරුව පිරිස පළවා හැරීම සඳහා පොලීසිය සහ කැරලි මර්දන අංශ කටයුතු කළා.
ඊට අදාළ දර්ශන පහතින්,