31 C
Colombo
Saturday, December 21, 2024

වසර 03න් පවුල් ලක්ෂ 17ක් දිළින්දන් වෙලා..!

- Advertisement -

මෙරට දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සංඛ්‍යාව වසර 3ක් තුළ ලක්ෂ 17කින් පමණ ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

2019 වසර වනවිට දරිද්‍රතාවයෙන් පෙළෙන මෙරට පවුල් සංඛ්‍යාව හයලක්ශ 81,800ක් වූ අතර මේවනවිට එය විසිහතර ලක්ශ 22,500ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට දරිද්‍රතාවය සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෙම වසරේ සිදු කිරීමට නියමිත සමීක්ෂණය තවමත් සිදු කර නොමැති නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදු කළ සමීක්ෂණයකදී 2019 වසරේ සිට මේ දක්වා කාලය තුළ මෙරට දරිද්‍රතාවය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල සීඝ්‍ර වර්ධනයක් මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සිදුව ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ.

මේවනවිට මෙරට සාමාන්‍ය පවුලකට ජීවත් වීම සදහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණය 2021 වර්ෂය හා සැසදීමේදී ඉහළ ගොස් තිබුණද ආදායම පහළ ගොස් ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් සදහන් කරන්නේ.


RECENT ARTICLES - SINHALA

අකුරැස්ස සමුපකාර ඡන්දයේ ජය නිතරඟයෙන් මාලිමාවට

අකුරැස්ස සමුපකාර ඡන්දය නිතරඟයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබෙනවා. අකුරැස්ස විවිධ සේවා  සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද දින...

කඩුගන්නාවේ බිහිසුණු බස් රථ අනතුරක්

කොළඹ - නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී බස් රථයක් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇතැයි වාර්තා වෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට...

සහල්වලින් කෝටි 430ක ආනයන බදු ආදායමක්

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත්...

POPULAR ARTICLES

අකුරැස්ස සමුපකාර ඡන්දයේ ජය නිතරඟයෙන් මාලිමාවට

අකුරැස්ස සමුපකාර ඡන්දය නිතරඟයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබෙනවා. අකුරැස්ස විවිධ සේවා  සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද දින...

ගාල්ල – දඩල්ල වෙඩි තැබිමේ තවත් තොරතුරු

පුද්ගල ඝාතන 5ක පමණ සැකකරුවකු වන පැතුම් නොහොත් 'ලොක්කා' ඊයේ (20) රාත්‍රියේ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා. ගාල්ල - දඩල්ල ප්‍රදේශීයේදී...

කඩුගන්නාවේ බිහිසුණු බස් රථ අනතුරක්

කොළඹ - නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී බස් රථයක් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇතැයි වාර්තා වෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට...