26.7 C
Colombo
Sunday, November 24, 2024

ගාලුමුවදොරදී පොලීසියෙන් අදත් අනීතික වැඩක්

- Advertisement -

නීතිඥයින්, වෘත්තිකයින් හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයින් එක්ව අද (10) ගාලු මුවදොර පිටිය අසළ පැවති පාගමනට පොලීසියෙන් බාධා එල්ලකර තිබෙනවා.

පොලීසිය පවසා ඇත්තේ අදාළ පාගමන හා විරෝධතාවය පිළිබදව පැය 06 කට පෙර පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිදු ජයවර්ධන මහතා පවසන්නේ ඊයේ රාත්‍රී 12 ට කොටුව පොලීස් ස්ථානයට, පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට අදාළ පාගමන හා විරෝධතාවය පිළිබදව ලිඛිතව විද්යුත් තැපෑල මාර්ගයෙන් දැනුම්වත් කළ බවයි.

ඊට අදාළ ලිඛිත සාක්ෂි පොලීසියට ඉදිරිපත් කර තිබියදීත් පොලීසිය අනීතිකව මෙම පාගමන වැළැක්වීමට කටයුතු කිරීම පිළිබදව ඔවුන් සිය අප්‍රසාදය දැඩිව පලකර සිටියා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

මත්තල ගුවන්තොටේ වියදම අට ගුණයකින් වැඩිවෙලා

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැවින් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම...

වසා දැමූ පස්සර – බිබිල මාර්ගයේ කොටසක් විවෘත කෙරේ

පස්සර - බිබිල මාර්ගයේ 13 කණුව ආශ්‍රිත එක් මංතීරුවක් රථ වාහන ධාවනය සඳහා අද විවෘත කර තිබෙනවා. එම මාර්ගයේ රථ වාහන ධාවනය අත්හිටවනු...

වසරේ ගෙවුණු කාලය තුළ ඉන්දීය ධීවරයන් 497ක් අත්අඩංගුවට

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරට මුහුදුසීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දිය ධීවරයින් 497 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන්...

POPULAR ARTICLES