29 C
Colombo
Saturday, July 6, 2024

අපහාස කළාට චමුදිතට සිතාසි

- Advertisement -

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට (18) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට අපහාස වන ලෙස හිරු ටීවී නාලිකාවේ විකාශය වන පත්තරේ විස්තරේ වැඩසටහන මෙහෙයවූ බවට චෝදනා කරමින් ශානි අබේසේකර මහතා ගොනු කරන ලද නඩුවකට අදාලවයි.

එම වැඩසටහනෙන් විකාශය කළ පරිදි ක්‍රියාවක් තමන් විසින් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවත් සියලු රාජකාරී කටයුතු නිසි ක්‍රියාපටිපාටිය තුළ මෙහෙයවා ඇති අතර, තනතුර අවභාවිත කරමින් කිසිදු පුද්ගලයෙකුට එරෙහිව ද්වේශසහගතව නඩු පවරා නොමැති බවත් අබේසේකර මහතා සිය පැමිණිල්ල මඟින් පෙන්වා දෙනවා.

ඒ අනුව තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගතව අපහාසාත්මකව චමුදිත සමරවික්‍රම මහතා සහ හිරු මාධ්‍ය ආයතනය අයත් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පුද්ගලික සමාගම කටයුතු කර ඇති බැවින් තමාට සිදු වූ අලාභය වෙනුවෙන් ශානි අබේසේකර මහතා රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රාජ්‍ය අංශයේ වැටුප් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ...

78 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

බලන්ගොඩ නගරය ආශ්‍රිතව ඇති දොරවෙල ඔය ප්‍රදේශයේදී ඉකුත් 27වනදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල්...

සජිත්ට නාමල්ට තියෙන එකම සුදුසුකම තාත්තල ජනාධිපති වුණ එක – අනුර

සර්වජන බලය ලැබී බොහෝ කාලයක් ගත වුවද ලංකාව තුළ ලේ උරුමයෙන් දේශපාලන නායකයන් තෝරා ගැනීමේ ක්‍රමය වෙනස් වී නොමැති බව ජාතික ජන බලවේගයේ නායක...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...