26.1 C
Colombo
Sunday, November 24, 2024

මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනාද? – රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

- Advertisement -

මේ අවස්ථාවේදී මැතිවරණයක් ඉල්ලා සිටින්නේ මොන ගොනා දැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.

මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි ඇසූ ශාන්ත බණ්ඩාර මහතා ආහාර උද්ධමනය වැඩි වී දුකට පත්ව සිටින ජනතාව පීඩනයෙන් මුදවා ගන්න කටයුතු කරනවා මිස කළ යුත්තේ මැතිවරණ වලට යාම නොවන බව මෙහිදී පෙන්වා දුන්නා.

ජනතාව ඉල්ලන්නේ මැතිවරණ නොව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කර සංවර්ධිත රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

ජනතාව පීඩනයෙන් ඉන්නවා දැකීමට කිසිවෙකුත් කැමැත්තක් නොදක්වන බවත්, හෙට දවසේ පෝලිම් නැති වැඩපිළිවෙලකට යා යුතු බවත් ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළා.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට සිට දින තුනක වැඩමුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට (25) සිට තුන්දින වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධිර මහත්මිය සඳහන් කළේ, උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා එය...

මහ ඡන්දෙට ඉදිරිපත් වුණ අපේක්ෂකයින්ට නිවේදනයක්

මහ මැතිවරණයට අදාළ ආදායම් වියදම් වාර්තා භාරදීමට අපේක්ෂකයින්ට දෙසැම්බර් 6 වැනි දා දක්වා කාලය දී තිබෙනවා. ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, දේශපාලන පක්ෂ හා ස්වාධීන...

අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

POPULAR ARTICLES