24 C
Colombo
Sunday, January 19, 2025

අර්බුදයට හේතුව රාජපක්ෂවරුන්ගේ වඳ කොත්තු ජාතිවාදයයි..! – සජිත්

- Advertisement -

22 වන සංශෝධනය සමග මොළ හතාගේ එක දතක් ගැලවූ බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස පවසනවා

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් සංවිධානය කළ මැදකොළඹ ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින්.

පියවරෙන් පියවර රාජපක්ෂ ආධිපත්‍ය ජනබලයෙන් ඉවත් කරන බවයි විපක්ෂනායකවරයා ප්‍රකාශ කරන්නේ.

පවතින අර්බුධකාරී තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මිනිසුන් ඉල්ලා සිටින්නේ සිස්ටම් එකේ වෙනසක් බවත්, නව ක්‍රමය යටතේ ආර්ථික සමාජ සාධාරණත්වය, මානුෂීයත්වය පෙරදැරි කර ගත් වැඩපිළිවෙළක් අවැසි බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

රටේ දේශපාලනඥයන්ගේ දරුවන් සෑම අවස්ථාවකම බාර ගත්තේ දෙමාපියන්ගේ ආසන බවත් එහි දී මැදකොළඹ ආසනය සුවිශේෂ වුවත් තමාගේ දේශපාලන ගමනේ දී දුෂ්කර පළාතකට ගොස් ස්වෝත්සාහයෙන්ම තමාගේ දේශපාලන ගමන ආරම්භ කළ බවයි සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටින්නේ.

වර්තමානයේ රට පත්ව ඇති ඛේදජනක ඉරණමට හේතුව රාජපක්ෂවරු ජාති, ආගම්, කුල-මල, පන්ති භේද ඇතිකර රට කෑලි කෑලිවලට කඩා ජාතීන් ආගම් අතර වෛරය ඇති කිරිම බවත් ඔවුන්ට අවැසි වූයේ තමන්ගේ පවුල රජ කරවීමට බවත් ඒ තුළ ඒකාධිපතීත්වය, මුරන්ඩුකම ගැබ්ව තිබූ බවත් ඒ හේතුවෙන් ලක්ෂ 22-0ක ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත් ඇති බවත් ඔහු පවසනවා.

වඳ කොත්තු, වඳ සැත්කම්වලින් ආරම්භ වී ආදාහනය භූමදානය දක්වා ජාති ආගම් භේදය ක්‍රියාත්මක කළ බවත් අද ජාතිවාදයට ආගම්වාදයට විවිධ පාර්ශ්වය කෑ ගැහුවත් එදා සමගි ජන බලවේගය හැර අනික් සියල්ලක්ම ඊට එරෙහි නොවූ බවද ප්‍රේමදාස තවදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය පැවසුවේ අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු...

තවත් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර...

තැන තැන හමු වූ නාඳුනන මළ සිරුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමු වූ නාඳුනන මළ සිරුරු කිහිපයක් සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ (18) දිනයේ දී මෙම මළ සිරුරු හමු වූ බවද...

POPULAR ARTICLES