පකිස්තානයේ පෙෂාවර් හි බචා ඛාන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ උමං ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඉදිකරන ලද මුර කුළුණකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
නඳුනන ප්‍රහාරකයින් ටෙහෙකාල් පොලිස් ස්ථානය සීමාවේ වර්සාක් මාර්ගයේ පහළ වානානෝපුල් හි ආරක්ෂක මුර කුළුණට අත්බෝම්බයක් එල්ල කළ බව විදෙස් වාර්තා පවසයි.
කෙසේවෙතත්, ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.
පිපිරීමෙන් පසු විශාල පොලිස් භට පිරිසක් එම ස්ථානයට පැමිණ ප්‍රදේශය වටකර සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව ද එරට වාර්තා පවසයි.
බචා ඛාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ටෙහ්කාල් සිට ෂෙයික් මුහම්මඩි ගම්මානය දක්වා වූ උමං ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා වසර කිහිපයකට මුර කුළුණු ගණනාවක් ඉදිකරන ලදී.
පසුගිය මාස කිහිපය තුළ පෙෂාවර් සහ අනෙකුත් කයිබර්පක්තුන්ක්වා දිස්ත්‍රික්කවල පොලිස් ස්ථාන, තැපැල් ස්ථාන සහ පොලිස් කාර්යාල ගණනාවකට අත්බෝම්බ සහ ස්වයංක්‍රීය ආයුධ ප්‍රහාර එල්ල වී තිබේ.