එක්තරා දේශීය සමාගමක් නිපදවන Eco Tablet නැමැති ඉන්ධන සමඟ සංකලනය කරන පෙත්තක් (Tablet) සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම සංස්ථාව පවසන්නේ විවිධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදාගනිමින් මෙම සමාගම ප්‍රවර්ධන වැඩසටහන් පවත්වා සිදුකරන මෙම අලෙවි ප්‍රවර්ධනය ඉන්ධන පාරිභෝගිකයා නොමඟ යැවීමේ කූට උපක්‍රමයක් බවයි.
තව ආයතනය මෙවැනි පෙත්තක් වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇතිබව හෝ ස්පෙට්කෝ ඉන්ධන සමග සංකලනය කිරීම සඳහා කිසිඳු ආයතනයකට උපදෙස් දී නැතැයි එම නිවේදනයේ සදහන්.
එමෙන්ම දැනට දේශීය වෙළෙඳපොළේ පවතින ඩීසල්, පෙට්‍රල් සාම්පලවල පිළිගත් රසායනාගාර පරීක්ෂණයකින් තොරව එ්වායේ ඔක්ටේන් අගය අඩු බවට එම ආයතනය සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීම සඳහා මේ වන විටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත දන්වා ඇතැයිද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.