32 C
Colombo
Friday, January 10, 2025

ප්‍රභූවරයෙක් හෙලිකොප්ටරයකින් කොළඹ ජාතික රෝහලට – රෝහලට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් එක්ක විශේෂ ආරක්ෂාවකුත් යොදවයි

- Advertisement -

විශේෂ ආරක්ෂාවක් යටතේ ප්‍රභූවරයෙක් හෙලිකොප්ටරයකින් රැගෙනවිත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ප්‍රතිකාර සඳහා ඊයේ (28) පෙරවරුවේ ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන්නේ රෝගියෙක් රෝහලට ඇතුළත් කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටියෙන් බැහැරව කිසිඳු ලේඛනයක හෝ සටහන් නොතබා මෙම විශේෂ ප්‍රභූවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි.

අදාළ රෝගියා වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් යොමු නොකොට වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විවධ රෝහල්වලින් ගෙන්වා ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවද වාර්තා වනවා.

මෙම ප්‍රභූවරයා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහල අවට ප්‍රදේශයේ ආරක්ෂක සෙබළුන් රඳවමින් විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙලෙස ප්‍රතිකාර ලබන්නේ හිටපු නාවික හමුදාපතිවරයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...