32 C
Colombo
Friday, January 10, 2025

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 168ක ඉලක්කයක්

- Advertisement -

සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 167ක් ලබා ගැනීමට සමත් වුණා.

තරඟයේ පළමු පන්දුවාර 6 අවසානයේ නවසීලන්තයේ කඩුලු 3ක් බිඳ හෙලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් ග්ලෙන් පිලිප්ස් සහ ඩැරල් මිචල් ලකුණු 84ක සබඳතාවක් ගොඩනැගු අතර එම සබඳතාව බිඳ හෙළීමට වනිදු හසරංගට හැකියාව ලැබුණා.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ග්ලෙන් පිලිප්ස් පන්දු 64කදී ලකුණු 104ක් ලබාගත් අතර ඊට හතරේ පහරවල් 10ක් සහ හයේ පහරවල් 4ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු දෙකක් බිඳ හෙලු අතර වනිදු හසරංග, මහිෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර කඩුලු 1 බැඟින් බිඳ හෙලුවා.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...