පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය රුපියල් ලක්ෂ 2 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව මෙම තීරණය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට දැනුම්දීමට නියමිතයි.
මේ අතර පසුගිය කාලයේ ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර පිපිරීමෙන් හා ඉන්ධන පෝලිම්වල සිටියදී ජීවිතක්ෂයට පත්වූ කිසිදු පුද්ගලයෙක් හට මේ වනතෙක් කිසිදු වන්දියක් ලබා දී නැහැ.