26.1 C
Colombo
Sunday, November 24, 2024

තෙරපීමකින් දකුණු කොරියාවේ 149 ක් මරුට. ශ්‍රී ලාංකිකයෙකුත් ඒ අතර

- Advertisement -

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ (29) පැවති හැලොවින් සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මේ වන විට පුද්ගලයින් 149ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සිදුවීමෙන් තවත් පුද්ගලයින් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

මෙලෙස මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් යොවුන් වියේ තරුණයින් බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

එලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

අදාළ උත්සවය සඳහා විශාල ජනතාවක් රැස්ව සිට ඇති අතර පටු මන්තීරුවක විශාල පිරිසක් එක්රැස්වීම මෙම අනතුරට හේතුවී ඇති බව එරට ගිනිනිවන හමුදාව පවසනවා.


RECENT ARTICLES - SINHALA

වසා දැමූ පස්සර – බිබිල මාර්ගයේ කොටසක් විවෘත කෙරේ

පස්සර - බිබිල මාර්ගයේ 13 කණුව ආශ්‍රිත එක් මංතීරුවක් රථ වාහන ධාවනය සඳහා අද විවෘත කර තිබෙනවා. එම මාර්ගයේ රථ වාහන ධාවනය අත්හිටවනු...

වසරේ ගෙවුණු කාලය තුළ ඉන්දීය ධීවරයන් 497ක් අත්අඩංගුවට

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරට මුහුදුසීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දිය ධීවරයින් 497 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන්...

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිම අර්බුදයක් නැහැ – සජිත්

ජාතික ලැයිස්තුධුර මන්ත්‍රිධුර ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත්...

POPULAR ARTICLES