පවතින වර්ෂා සහිත කාලගුණය සමඟ දිස්ත්‍රික්ක තුනක නාය යෑමේ අවධානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානය පවසන්නේ නුවරඑළිය, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙම අවධානම පවතින බවයි.
මේ හේතුවෙන් අවධානම් සහිත දිස්ත්‍රික්කවල කඳු, බෑවුම් ආශ්‍රිත සහ නාය යෑමේ හැකියාවක් ඇති ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව අවධානයෙන් පසුවන බවයි ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය පවසන්නේ.