මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තිලිණි ප්රියමාලි සම්බන්ධයෙන් ජනප්රිය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ලගොඩ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්ණ කර තිබෙනවා.
ඒ ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ලබාදුන් දැනුම් දීමකට අනුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඇය පැය 4ක ප්රකාශයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ප්රකාශය ලබාදීම සඳහා ඇය සිය සැමියා සමඟ පැමිණ සිට අතර ඔහු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවය කරනු ලබනවා.