ශ්‍රී ලංකාවට ආනයනික භාණ්ඩ සහ නිෂ්පාදන වර්ග කිහිපයක වෙළඳපොළ දවටනවල උපරිම සිල්ලර මිල ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඊයේ (01) දින සිට ක්‍රියාත්මක වන පරිදියි.
ආනයනික චුයින්ගම් ඇතුළු රසකැවිලි, චොක්ලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් මෙම කාණ්ඩයට ඇතුළත් වනවා.
ආනයනකරුවන් විසින් මෙම භාණ්ඩ දිවයිනට ගෙන්වන අවස්ථාවේ දී එහි උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලියාපදිංචි ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදලිව සටහන් කළයුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.