අප්‍රේල් මාසයේ දී කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණ විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
අදාළ සමාගම ලොව ප්‍රමුඛතම ක්‍රියාකාරීන් තුන් දෙනෙකුගේ සමන්විත වන අතර එය දකුණු ආසියානු කලාපයේ විශාලතම තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ලෙසයි සැලකෙන්නේ.
මෙම වෙළෙඳ සංකීර්ණය සඳහා ශ්‍රී ලංකාවට පනවා ඇති භාණ්ඩ ආනයන තහනම බල නොපාන අතර විදේශීය සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් ඊට යොමු වනු ඇතැයි අපේක්ෂිතයි.