26 C
Colombo
Friday, January 10, 2025

රාජ්‍ය ආයතනවල ප්‍රමාද වන ජල බිල්පත් ගැන තීරණයක් ගැනීමේ සුදානමක්

- Advertisement -

රාජ්‍ය ආයතනවල ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ ජනවාරි සිට එම ගාස්තු අය කිරීමට තීරණය කර ඇති බවයි එම මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ රාජ්‍ය ආයතන සඳහා ප්‍රමාද ගාස්තු මීට පෙර අය නොකළ අතර රාජ්‍ය ආයතන විසින් බිල්පත් ගෙවීම සඳහා ප්‍රමුඛතාව ලබාදීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ අනුව රාජ්‍ය ආයතන වෙත ජල බිල්පත් ලැබී දින 90ක කාලයක් තුළ එහි ගෙවීම් කළ යුතු අතර එසේ ගෙවීම් සිදු නොවන්නේ නම් එම රාජ්‍ය ආයතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට නියමිතයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

POPULAR ARTICLES