26 C
Colombo
Saturday, January 11, 2025

විරෝධතාවයේදී සජිත් ඇතුළු දේශපාලනඥයින්ට හූ සංග්‍රහයක්

- Advertisement -

මර්ධනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු මැයෙන් රජයට එරෙහිව අද (02) දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කර තිබු විරෝධතා පාගමනට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයන් පිරිසකට විරෝධතාකරුවන්ගෙන් විරෝධය එල්ල වුණා.

මේ විරෝධතාව හේතුවෙන් විපක්ෂ නායකවරයා අදාළ ස්ථානයෙන් හූ හඬ හා විරෝධ මධ්‍යයේ එම ස්ථානයෙන් පිටව ගියා.

මරදානේ සිට කොටුව දක්වා ගමන් ගත් මෙම විරෝධතා පා ගමන පිටකොටුව පාවෙන වෙළඳ අසලදි පොලීසිය මඟ හරස් කරමින් බාධා කළා.

දේශපාලන පක්ෂ නියෝජිතයින් පාගමනේ ඉදිරියට ගමන් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් පා ගමනට ආ විරෝධතාකරුවන්ගෙන් ඔවුන්ට දැඩි විරෝධයක් එල්ල වුණා.

ඉන් පසු ලොරියක තුළ සකස්කළ වේදිකාවක් මත සිට ජන හමුවක් පැවැත්වීමට විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලනඥයන් උත්සහ ගත්තද පැමිණි පිරිසගේ විරෝධතාව හේතුවෙන් එය අතරමඟ නැවත්වීමට සංවිධායකයෝ තීරණය කළා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යය වෙත ප්‍රකාශයක් ලබාදුන් නමුත් අවට සිටි පිරිසගේ විරෝධය මධ්‍යයේ සියලු දේශපාලන නියෝජිතයින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES