ඉන්ධන මිල අඩු වන බවට පුවත් ප්‍රචාරය වීමත් සමඟ ඉන්ධන ඇනවුම් නොකර සිටි පිරවුම්හල් යළි ඇණවුම් සිදුකර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටියේ මේ වන විට දිවයින පුරා පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හරිම සිදු කරමින් පවතින බවයි.
මිල සුත්‍රයට අනුව මේ මස 1 වනදා ඉන්ධන මිල අඩු වේ යැයි විශ්වාස කිරීම හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ඇණවුම් කිරීම් ප්‍රමාද කර තිබුණා.
ඉන්ධන මිල සුත්‍රයට අනුව සෑම මසකම 1 වනදා සහ සෑම මසකම 15 වනදා ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිතව තිබුණත් එලෙස මිල සංශෝධනයන් සිදුවුයේ අවස්ථා කිහිපයකදී පමණි.