පාර්ලිමේන්තු ප්‍රධානීන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ උපදෙසක් ලබාදී තිබෙනවා.
ඒ අයවැයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරු ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා සම්ප්‍රදායිකව ලබා දෙන තේ පැන් සංග්‍රහය නොපවත්වන ලෙසයි.
රටේ පවතින ආර්ථික තත්ත්වය සලකා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.
ලබන 14 වනදා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන වසර සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමට නියමිතයි.