24 C
Colombo
Friday, November 29, 2024

චීනයෙන් මෙරටට නොමිලේ ඩීසල්..!

- Advertisement -

චීන ආධාර යටතේ මෙරටට හිමිවන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

එම පරිත්‍යාගය හිමිව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීන රජයෙන් කළ ඉල්ලීමක් අනුවයි.

මෙරට කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළකර ඇති අතර ඉන් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීමට නියමිතව තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ, ඉන්ධන තොගය දෙසැම්බර් මස වන විට මෙරටට ලැබීමට නියමිත බැවින් අස්වනු නෙළන අවස්ථාවේදී ගොවීන්ට එම ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බවයි.

අදාළ ඉන්ධන ගොවීන්ට නොමිලේ ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ, යම්කිසි ප්‍රදේශයක සී සෑම හෝ අස්වනු නෙළීමේදී ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් දිස්ත්‍රික් ලේකම්වරු හමුවී ඊට පිළියම් යොදා ගත හැකි බවය.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...