27.3 C
Colombo
Monday, January 6, 2025

කංසා වැවීමේ සමාරම්භක දිනය මෙන්න

- Advertisement -

ත්‍රෛලෝක විජය පත්‍ර අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

ත්‍රෛලෝක විජය පත්‍ර සම්බන්ධයෙන් සමහර භික්ෂූන් වහන්සේලා වැරදි අදහස් පළ කරන බව පෙනෙන්නට ඇතැයි පැවසූ අමාත්‍යවරයා තුන්දොස් නසන පත්‍ර තෛලෝක විජයා පත්‍ර යන්නෙහි තේරුම බවද ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර, රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියන් ඇඹිලිපිටියේ දී පවසා සිටියා.

ඒ. ඉත්තෑදෙමළියේ ධම්මසිරි හිමියන්ට සද්ධර්ම කීර්ති සොනුත්තර කොළොන්න කෝරලයේ ප‍්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීම නිමිත්තෙන් ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේ පැවති උත්සව සභාවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“අද ඇඹිලිපිටිය භෞතික සම්පත්වලින් සීග‍්‍රයෙන් දියුණුවන නගරයක් බවට පත්වෙලා තියනවා. ඇඹිලිපිටිය කියනකොට ඉස්සර තිබුණේ නරක චිත‍්‍රයක්. ප‍්‍රදේශයේ මහා සංඝරත්නය, බෞද්ධ පින්වතුන් එක්වෙලා අඹිලිපිටියට ආධ්‍යාත්මික සියුණුවක් ලබාදීපු බව කිව යුතුමයි. හැත්තෑව වනතෙක් ම අඹිලිපිටිය ප‍්‍රසිද්ධව තිබුණේ ගංජාවලට. මැලේරියාවට. අඩුකුලියට කුලීකරුවන් සපයාගන්නා මධ්‍යස්ථානය හැටියට. දඩ මස්වලට. මිනීමස් වලටත් ප‍්‍රසිද්ධියක් තිබුණා.

ඒ අතීතය බුදුදහමේ ආභාෂය ලබාදෙමින් පරිවර්ථනයට පත්වුණා. ඒ කාලේ අපි ගමනක් යන කොට ඇඹිලිපිටියේ කිව්වාම උපහාසාත්මකව බැලීමක් තිබුණා. ඇඹිලිපිටියේ අපි ඈත පළාත්වල ගියාම ඒ පැතිවල තරුණයෝ අපිව ඔලොක්කුවට අරගෙන කුරුලූ බැදිදේ ගීතය ප‍්‍රතිසංවිධානය කරමින් ‘ඇඹිලිපිටියේ ගිහිල්ලා බඩු මිටියක් ගෙනැල්ලා තාලයකට තියාලා පොඩි සුරුට්ටුවක් ඔතාලා’ කියලා ගායනා කරමින් කිව්වා. එවන් තත්ත්වයක් තිබුණු ඇඹිලිපිටිය අද ආධ්‍යාත්මික වශයෙන් දියුණුවී බෞද්ධාගමික පරිසරයක් ගොඩනැගී ඇති බව කිව යුතුයි.

මෙවන් පරිසරයක අපට ඇහෙනවා කණකොක් හඬක්. ඇඹිලිපිටිය යළිත් වරක් ගංජා පුරවරයක් බවට පත්කිරීමේ උත්සාහයක් දැන් ඉදිරිපත් වෙලා තියනවා. දේශීය වෛද්‍ය ඇමතිවරයා පසුගියදා කියනවා ගංජා වගාවට ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දහදාහක් වෙන් කරන්න යනවා කියලා. හැබැයි ජනාධිපතිවරයා ඒ කියන්නේ ගංජා කියලා නෙවෙයි. ත්‍රෛලෝක විජය පත‍්‍ර කියලා. හොඳ බුදධිමතුන් පිරිසක් ඒ නම තියලා තියෙන්නේ. ත්‍රෛලෝක විජය පත‍්‍ර කියන්නේ තුන්ලෝකය ජයග‍්‍රහණය කළ කියන එක. කංසා බීලා මත්වුණ කෙනෙකුට හිතෙන්නේ තමන් තුන් ලෝකේ ලොක්කා කියලා”

RECENT ARTICLES - SINHALA

තවත් දුම්රිය පීලිපැනීමක්

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා. එම දුම්රිය දෙමෝදර ප්‍රදේශයේදී පීලිපැන ඇති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් බදුල්ල - මහනුවර...

සුව සැරියට අලුත් සභාපතිවරයෙක්

1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පිරිසක් පත් කර තිබෙනවා.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබුවා. ඒ අනුව,...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මෙරට දිනපතා සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන බව රථවාහන පාලන සහ...

POPULAR ARTICLES