24 C
Colombo
Saturday, January 25, 2025

ගුරුවරුන්ගේ ඇඳුම් මාරු වෙයි

- Advertisement -

දිවයිනේ පාසල් රැසක ගුරුවරියන් ගණනාවක් අද (21) සාරිය වෙනුවට ගවුම්, සාය හැට්ට, කලිසම් කුර්තා ආදී සැහැල්ලු ඇඳුම්වලින් සැරසී පාසල් වෙත පැමිණ තිබෙනවා.

ගුරුවරියන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණේ රට තුළ පවතින ආර්ථික උද්ධමනය හේතුවෙන් සාරිවල මිල ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ආර්ථික ගැටළු හා ප්‍රවාහන දුෂ්කරතා ආදිය සමඟ සාරියෙන් සැරසී වෘත්තියට යාම අපහසු බවයි එම ගුරුවරියන් එම සටහන්වල සඳහන් කර තිබුණේ.

තවද සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඇති වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

අදාළ සටහන්වල වැඩිදුරටත් සඳහන් කර තිබුණේ වෙනත් ඇඳුමකින් සැරසී පැමිණියත් ආදරයෙන් වැළඳ ගත් බවයි.

පසුගිය දා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව ගුරුවරුන්ට සාරිය වෙනුවට වෙනත් සුදුසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට ඉඩ ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මීට පෙර ඉල්ලීම් කළද එයට මහා සංඝරත්නයේ විරෝධය පළ වුණා.

RECENT ARTICLES - SINHALA

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට‍

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුට ඝාතනය සඳහා රුපියල්...

අල්ලසක් ගත් පොලිස් නිලධාරියෙක් මාට්ටු

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලස පැමිණිල්ලකට අදාළව අදාළ පොලිස්...

තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ ඉන්දියන් ජාතිකයෙක් රටින් පලා ගිහින්

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී...

POPULAR ARTICLES