29.2 C
Colombo
Wednesday, March 26, 2025

සූරියවැව උපවාසය බලන්න සජිත් යයි

- Advertisement -

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කර වන අලි ගැටළුවට වහාම විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ ගොවීන් පිරිසක් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය පැවති ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) සවස පැමිණියා.

මෙහිදී සත්‍යග්‍රහයේ නිරත ගොවින් හා ඊට සහාය පළකරමින් එක්ව සිටි මහා සංඝරත්නය සමග සුහද කතා බහක නිරතව සිට විපක්ෂ නායකවරයා පැවසුවේ ගොවින්ගේ මෙම මාරාන්තික උපවාසය මෙන්ම අඛණ්ඩ සත්‍යග්‍රහයද සර්ව සාධාරණ එකක් බවයි.

එමෙන්ම මෙම වනඅලි ගැටළුව සදහා පක්ෂ විපක්ෂ සියලුදෙනා වගකිවයුතු කාරණයක් බවත්, මේ ගැටලුව එක් කොටසකට පමණක් සීමා වී ඇති ගැටලුවක් නොවනබවත් මෙහිදී විපක්ෂ නායකවරයා සදහන් කළා.

එමනිසා  මෙම වන අලි ගැටළුවේදී තමන්ද ජනතාව වෙනුවෙන්  මැදිහත් වන බවත් මේ ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදීද අරගල කරන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමගි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි, සූරියවැව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සුභක ප්‍රදීප් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ගොවින්ගේ ගැටළු ඇතුළත් සංදේශයක්ද මෙහිදී ගොවීන් විසින් විපක්ෂනායකවරයා වෙත බාරදුන්නා.

නුවන් ජයසේකර – සූරියවැව

RECENT ARTICLES - SINHALA

වතු ක්ෂේත්‍ර නිලධාරියා පුටුවක බැඳ ගිනි තියලා

නාගොඩ , මාපලගම කුඩමලාන වත්තේ ක්ෂේත්‍ර  නිලධාරියෙකුට පහර දී හාන්සි පුටුවක බැද ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යක් ඇඟට දමා ගිනි තබා  බරපතල තුවාල සිදු කර...

දහම් පාසල් ගුරු විභාගය ගැන නිවේදනයක්

2025 වර්ෂයට අදාළ දහම් පාසල් ගුරු විභාගයේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතාගේ...

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ...

POPULAR ARTICLES

කළු මුහුදේ ප්‍රහාර නැවැත්වීමට එකඟතාවක්

කළු මුහුදේ යාත්‍රාවලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට රුසියාව සහ යුක්‍රේනය සිය එකඟතාව පළ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලශක්ති සහ යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර...

වතු ක්ෂේත්‍ර නිලධාරියා පුටුවක බැඳ ගිනි තියලා

නාගොඩ , මාපලගම කුඩමලාන වත්තේ ක්ෂේත්‍ර  නිලධාරියෙකුට පහර දී හාන්සි පුටුවක බැද ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යක් ඇඟට දමා ගිනි තබා  බරපතල තුවාල සිදු කර...

දහම් පාසල් ගුරු විභාගය ගැන නිවේදනයක්

2025 වර්ෂයට අදාළ දහම් පාසල් ගුරු විභාගයේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතාගේ...