30 C
Colombo
Sunday, January 26, 2025

බොරැල්ලේ පෞද්ගලික රෝහලක වෘෂණ කෝෂ ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

- Advertisement -

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ජාලගත වකුගඩු ජාවාරමකට අදාලව එක්කෝටි හැට ලක්ෂයක් මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ජාතික පුවත්පතක් අද (03) කරුණු අනාවරණය කර තිබෙනවා.

මහා පරිමාණ වකුගඩු ජාවාරමකට අදාළව සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කරගැනීමේ දී මෙම කරුණු හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගේ එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් මිලදී ගැනීම සඳහා සුදානම්ව තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් ඔහු සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

බ්ලුමැන්ඩල් ප්‍රදේශ පදිංචි පුද්ගලයෙක් විසින් අදාළ තරුණයාව රෝහල වෙත සම්බන්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.

සැත්කම සඳහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම සම්බන්ධව වූ ඇති සැකය හේතුවෙන් ඊට අකමැති වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම වෘෂණ කෝෂ සහ වකුගඩු ජාවාරම ජාලගතව සිදුවන එකක් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ සිටින ජාවාරම්කරුවන් සහ විදේශ ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් ඊට සම්බන්ධ වී ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

ධීවරයින්ට සුබ ආරංචියක්

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර...

ගංවතුරට හසුවී දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා. ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස අතුරුදහන්වී ඇත්තේ...

ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

‍වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන...

POPULAR ARTICLES