26 C
Colombo
Thursday, January 2, 2025

රනිල් හිට්ලර් කෙනෙක් වීම ජාත්‍යන්තර වශයෙන් රටට වැදගත්..! – දිලුම්

- Advertisement -

තවදුරට ත් කිසි කෙනෙකුට හෝ පක්ෂයකට අනවශ්‍ය ආකාරයෙන් සෙල්ලම් කිරීමට ඉඩ නොදීම සඳහා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රටක් වශයෙන් ප්‍රසාදය පළ කළ යුතු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ, මහනුවර දකුණු ඩිපෝවේ පැවති ක්‍රීඩා තරග ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහා අද (07) දින සහභාගි වෙමින්.

තවදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා,

“අපි මේ රටේ ජනාධිපතිවරු කිහිප දෙනෙකුගෙන් ම බලාපොරොත්තු වූ තීන්දුවක් වර්තමාන ජනාධිපතිවරයා අරගෙන තිබෙනවා. මේ රටේ ආර්ථික දියුණුවට බාධා කරන්න නැවතත් කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නෑ. රටේ නීතිය හා සාමය කඩන්න ඉඩ දෙන්නේ නෑ, අනවශ්‍ය අරගල කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා ස්ථිර පැහැදිලි ප්‍රකාශයක් එතුමා කරලා තියෙනවා. ඕනෑ ම දේශපාලන පක්ෂයකට වුණත් මේ ටික ම තමයි.

එතුමාගේ ප්‍රකාශය මේ වන විට මේ රටේ ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි විදේශීය ආයෝජකයන්ට විශාල ශක්තියක් වෙලා තියෙනවා. මේ ආයෝජකයන් අතර නැවතත් අප රටේ දේශපාලන ස්ථාවරය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙනවා. ඒ අය නැවතත් මේ රටේ ආයෝජන කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්නවා. උනන්දුව දක්වනවා. මම මීට පෙරත් කියලා තියෙනවා මේ රටේ ජනාධිපතිවරයා යම් කිසි ආකාරයකින් හිට්ලර් වගේ ස්ථිර තීන්දු ගත යුතුයි කියලා.

මෙවර අපි ඒ අදහස් කියන්නට පෙර රනිල් ජනාධිපතිතුමා ම කියලා තියෙනවා අවශ්‍ය නම් මම හිට්ලර් කෙනෙක් වගේ වැඩ කරන්න සූදානම් කියලා. මේ කියමන දේශීය වශයෙන් නොව විදේශීය වශයෙන් අපිට වඩාත් ප්‍රයෝජනවත් ප්‍රකාශයක් වශයෙන් අපි දකිනවා. කොවිඩ් වසංගතයත් සමග මේ රටේ ආර්ථිකය නිසියාකාරව කළමනාකරණය කළේ නෑ කියන එක අකමැත්තෙන් වුවත් අපි පිළිගන්න ඕනේ.

දුප්පත් රටක් නිසා මේ තත්ත්වය අපිට ටිකක් වැඩිපුර බලපෑවා. පෝලිමේ ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ වගකීම රජයට හා මහ බැංකුවට තිබුණ කියල අපි හිතනවා. එදා යම් වැරැද්දක් වුණා කියලා අපි විශ්වාස කරනවා. මේක හේතුවක් කරගනිමින් නොයෙකුත් කණ්ඩායම් කල්ලි කැරලි ගහන්නට පටන් ගත්තා. එක එක නමින් යුත් කණ්ඩායම් අරගලය කිව්වා, ජන බලය කිව්වා අරක කිව්වා, මේක කිව්වා. ගිහිල්ලා වඳුරෝ වගේ හැසිරිලා රජයේ ගොඩනැගිලිවල වහල උඩට පවා නැගලා විශාල අලාභ හානි කළා. ගිනි තිබ්බා. ඒ ඇති කරපු භීෂණය නිසා අපේ ආර්ථිකය තවත් කඩා වැටුණා.

අපිට රටක් වශයෙන් තනියම ගමන් කරන්න බෑ. ආයෝජකයන් රටකට අවශ්‍ය යි. විදේශ මුදල් තමයි මේ ආර්ථික අර්බුදයට විසඳුම. එදා ඒක තමයි අපි නැති කර ගත්තේ. විදේශ ආයෝජකයෝ මේ රටට ඒවි ද අරගල කරමින් පාරේ වාහන ගිනි තියන කොට, ගොඩනැගිලිවලට ගිනි තියන කොට, රටේ ජනාධිපතිවරයාගේ නිවසේ ඇඳ උඩ මිනිස්සු රෙස්ලින් ගහ ගන්නකොට, ජනපති නිල නිවසේ නාන තටාකය මිනිස්සු සබන් ගාමින් නානකොට ආයෝජකයෝ එයි ද. ඒ අය හිතන්නේ මේක වඳුරෝ ටිකත් ඉන්න රටක් කියලයි. එවන් රටක ආයෝජන කරන්නේ කොහොම ද කියලා ඒ අය හිතනවා. ආයෝජන ඇමතිවරයා හැටියට විශාල අභියෝගයකට මුහුණ පා සිටිනවා මේ රටට අලුත් ආයෝජකයන්. ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්.

වර්තමාන ජනාධිපතිතුමාගේ හැසිරීම හා ප්‍රකාශයන් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් රටවල විශ්වාසය ඇති වෙලා තියෙනවා. නැවතත් ආයෝජකයන් පැමිණෙමින් සිටිනවා. ලබන වසරේ මැද වෙනකොට රටේ ආර්ථිකය නැවතත් සවිමත් වීම ආරම්භ වෙයි කියලා අපි හිතනවා”

RECENT ARTICLES - SINHALA

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව නව දියවඩන...

මුහුදෙන් හමු වූ ඩ්‍රෝන යානය යළි ඉන්දියාවට ලබා දිමේ සූදානමක්

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව...

POPULAR ARTICLES

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව නව දියවඩන...

මුහුදෙන් හමු වූ ඩ්‍රෝන යානය යළි ඉන්දියාවට ලබා දිමේ සූදානමක්

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව...