ශීත කාලගුණය දිවයින පුරා තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම ශීත කාලගුණ තත්ත්වය ඇතිව තිබෙන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි.