31 C
Colombo
Friday, October 18, 2024

යුක්රේනය සම්බන්ධයෙන් සම්මුතියක් ගොඩනැගීමට ඉන්දියාවෙන් උත්සහයක්

- Advertisement -

ජාත්‍යන්තර කටයුතුවල ඉතා තීරණාත්මක මොහොතක G20 සභාපතිධුරය ඉන්දුනීසියාවෙන් විසින් නිල වශයෙන් පසුගිය පසුගියදා ඉන්දියාව වෙත භාරදෙනු ලැබීය.

යුක්රේනය සම්බන්ධයෙන් G20 රටවල් අතර ඇති මතභේද මධ්‍යයේ, යුක්රේනය සම්බන්ධයෙන් සම්මුතියක් ගොඩනැගීමට ඉන්දියාව බලාපොරොත්තු වන බවත්, සිය සභාපතිත්වය යටතේ පවත්වනු ලබන සියලුම G20 ක්‍රියාවලීන් සඳහා රුසියාව සහභාගී වනු ඇති බවත් මේ පිළිබද වන වාර්තා සදහන් කරයි.

රුසියාව G20 හි සාමාජිකයෙකු වන බැවින් ඔවුන් මෙම ක්‍රියාවලීන් සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කණ්ඩායම්වලට විශේෂයෙන් ලෝකයට බලපාන වැදගත් කරුණු සම්බන්ධයෙන් එක හඬින් කතා කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා තිබේ.

ඉන්දියාවේ සභාපති ධුරයේ පළමු දිනය සනිටුහන් කිරීම සඳහා, විශේෂ උත්සවයක් නව දිල්ලි හි සංවිධානය කරන ලද අතර, එයට රට පුරා විශ්ව විද්‍යාල 75 ක සිසුන් එක්ව සිටි බව වාර්තා වේ.

උත්සවය අමතමින් විදේශ අමාත්‍ය එස් ජයශංකර් ප්‍රකාශ කළේ ප්‍රධාන ගෝලීය ගැටළු පිළිබඳව උපදේශනය තුළින් සම්මුතියක් ඇති කිරීම ඉන්දියාවේ උත්සාහය වනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...