28.6 C
Colombo
Wednesday, April 2, 2025

උතුරු – නැගෙනහිර වෙනම පළාත්..! – ඇමති නසීර් අහමඩ්

- Advertisement -

උතුරු – නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින දෙමළ නායකත්වය සහ එම ස්ථාවරයේම සිටින මුස්ලිම් දේශපාලන නායකත්වය උතුරු – නැඟෙනහිර මුස්ලිම් ජනතාවට බලය බෙදීම කුමක්දැයි පැහැදිලි කළ යුතු බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පවසනවා.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවල දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි වගන්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුව අමාත්‍ය නසීර් අහමඩ් මෙම ප්‍රශ්නය මතු කර තිබෙනවා.

“ජනවාර්ගික ප්‍රශ්නය විසඳිය යුතුයි. මේ ගැන අපි සැලකිලිමත් වෙනවා. නමුත් මේ විසඳුම් මුස්ලිම් ප්‍රජාවට ප්‍රශ්නයක් විය යුතු නැහැ. උතුරු – නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය දේශපාලන පක්ෂ විසින් ඒකාබද්ධ උතුරු – නැගෙනහිර මුස්ලිම් ජනතාවට ලබා දී ඇති බලය කුමක්ද ? මේ ගැන ඔවුන්ගේ මනස විවෘත කිරීම අවශ්‍යයි. අවස්ථාවට මුහුණ දෙන ප්‍රකාශ වෙනුවට මුස්ලිම්වරුන්ගේ මානසිකත්වය සහ ආකල්ප තේරුම් ගෙන ඒ ගැන කතා කිරීම වඩා සුදුසුයි.

උතුරු – නැගෙනහිර සම්බන්ධතාවය අවශ්‍යද. එහෙම නැතිනම් උතුරු – නැගෙනහිර වෙන් කළ යුතුද. මුස්ලිම් කොංග්‍රස් නායකත්වය ජනතාවට පැහැදිලි කළ යුතුයි. හකීම් සිටින්නේ එක්වීමේ ස්ථාවරයක නම් ඔහු උතුරු – නැගෙනහිර මුස්ලිම් ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුම කුමක්ද යන්න පැහැදිලි කළ යුතුයි. මේ දේවල් සම්බන්ධයෙන් හකීම් සහ සුමන්දිරන් අතර ඇති රහස් සාකච්ඡා එළියට ගෙන ඒම අවශ්‍යයි.

මේ පළාත් දෙක වෙන් කළ යුතු බව හකීම් කියන්නේ නම්, පවරාගත් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ඔවුන්ට නැවත ලබාදිය යුතුයි.

සුළු ජාතික ප්‍රජාවන්ගේ පොදු අනන්‍යතාවයට මුස්ලිම් ජනතාව යට කිරීමට උත්සාහ කරනවා. මේ පොදු අනන්‍යතාවය ඇතුලේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. එබැවින් 13වැනි වගන්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති රවුෆ් හකීම් කළ ඉල්ලීම මෙම තත්ත්වයන්ට අදාළ නොවේ. මෙය ඔහුගේ පෞද්ගලික මතය මිස උතුරු – නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාවක් නොවේ. ඒ නිසා කවුරුත් විසඳුම ගැන කතා කළ යුතු නැහැ.

උතුරු – නැඟෙනහිර වෙනම පළාත් වන බැවින් විශේෂයෙන්ම නැගෙනහිර මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මුස්ලිම් ජනතාවට පවරාගත් ඉඩම් ලබාදීම අවශ්‍ය යි. උදාහරණයක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14ක් තියෙනවා. මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇත්තේ 04ක් පමණ යි. දිස්ත්‍රික්කයේ මුලු ජනගහනයෙන් 27% ක් මුස්ලිම්වරුන් වන නමුත් ඔවුන්ට අයිති ඉඩම් ප්‍රමාණය 1.3% ක් පමණ යි.

ඉඩම් වලින් 27 %ක් ඔවුන්ගේ බල අරගල සහ තර්ජන නිසා බලහත්කාරයෙන් පැහැරගෙන වංචනික ලෙස ලබා ගත්තා. පළාත් සභාවලට ඉඩම්, පොලිස් බලතල දෙන්න කලින්, බලෙන් පවරාගත් මුස්ලිම් ජනතාවට අයත් ඉඩම් ආපහු දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඉඩම් මායිම් ප්‍රශ්නත් විසඳන්න ඕන.

13වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් පසු උතුරු – නැගෙනහිර මුස්ලිම් ජනතාව වාර්ගික අඩම්තේට්ටම්වලට ලක්වුණා. නැගෙනහිරින් ඔවුන්ට අයත් ඉඩම් රාජසන්තක කළා.

මඩකලපුවේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් රාජසන්තක කළා. මුස්ලිම් ජනතාව 13වැනි සංශෝධනයට බිය වන්නේ මේ නිසයි. සුළු ජන අයිතිවාසිකම් ඉල්ලා සිටින ඔවුන් තම පළාතේ ඔවුන් සමග සිටින සුළු ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේ පැහැරගෙන. එබැවින් බලය බෙදීමේ දී උතුරු – නැඟෙනහිර මුස්ලිම්වරුන්ටද තම අයිතීන් සමානව ලබා දිය යුතුයි. මේ සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නිහඬතාවය ද බිඳිය යුතුයි” යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...

POPULAR ARTICLES

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...