28 C
Colombo
Tuesday, September 17, 2024

පාකිස්තානය කවදාවත් ශ්‍රී ලංකාවේ තැනට ගෙනියන්නේ නෑ..! – ඉම්රාන් ඛාන්

- Advertisement -

කිසිදු ලෙසකින් සිය රට ශ්‍රී ලංකාව මෙන් අරගලකාරී පසුබිමකට ඇද නොදමන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.

ඊයේ ලාහෝරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අගමැතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ මෙන් මැතිවරණ පැවැත්වීම කල් දැමීමටවත් සිය පක්ෂයෙ කිසිදු අරමුණක් නැති බවයි.

ඒ නිසා පවතින රජයට බලපෑම් කරමින් එරට මහමැතිවරණය පැවැත්වීමට සිදු කෙරෙන බලකිරීමකට උත්තේජනයක් ලෙසින් දෙසැම්බර් 23 වැනි දින සිය පක්ෂය යටතේ පවතින ප්‍රාදේශීය සභා දෙකක් නිල කාලය අවසන් වීමටත් පෙර විසුරුවා හැරීමට තීරණය කර ඇති බවයි ඛාන් සඳහන් කළේ.

එතුළින් මැතිවරණයක් පැවැත්වීමට ෆෙඩරල් රජයට බලපෑමක් කිරීම එහි අරමුණ බවත් ඔහු පවසනවා.

ඉම් රාන් ඛාන් අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු ඡන්දයකින් ධුරයෙන් නෙරපා හැරුණු අතර, ඉන් පසුව ඔහු විසින් හදිසි මැතිවරණයක් සඳහා අවශ්‍ය කරන ප්‍රචාරණ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් සිටිනවා.

ඛාන් සඳහන් කළේ දකුණු ආසියාවේ අවිනිශ්චිත අරගල ගොඩනැගී ඇත්තේ ද නිසි කලට මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් බවයි.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...