ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
ඒ ජනශක්ති සමුහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන සිද්ධියට අදාළවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත ඒ මහතා කැඳවීමෙන් අනතුරුව පැය 2 1/2 ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
චමුදිත සමරවික්‍රම මහතා දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුටියුබ් නාලිකාවකට ගවේෂණශීලි මාධ්‍යවේදීයෙක් මෙන්ම ගුවන් හමුදාවේ නිලධාරියෙක් වන කිර්ති රත්නායක මහතා සමඟ විනාඩි 40ක පමණ සම්මුඛ සාකච්ඡාවක් එදිනම සිදු කිරීම මුලික කරගෙන ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.