26 C
Colombo
Friday, January 24, 2025

වැඩිවෙන විදුලිබිල නොගෙව්වට අපි විදුලි විසන්ධි කරන්න එන්නේ නෑ – රංජන් ජයලාල්

- Advertisement -

ලබන මස සිට වැඩි වෙන විදුලිබිල ගෙවීමට නොහැකි ජනතාවගේ නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමේ රාජකාරීවලින් ඉවත් වීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් තීන්දු කර තිබෙනවා.

ලංවිම වෘත්තීය ඒකාබද්ධ සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කියා සිටියේ කබලෙන් ලිපට ඇඳ වැටී ඇති ජනතාවට විදුලි බිල වැඩි කර කිසිසේත් සාධාරණ නොවන බවයි.

ජනවාරි 3 වනදා සිට වැඩි කිරීමට නියමිත විදුලිබිල ජනතාවට කිසිසේත්ම එය ගෙවා ගත නොහැකි හෙයින් එම නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමට තීන්දු කළහොත් එම රාජකාරි සඳහා කිසිඳු ලංවිම සේවකයෙකු මැදිහත් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විදුලි බිල වැඩි කිරීමේ දී ඒකක අනුව යම් යම් කණ්ඩායම් සඳහා සහන දෙන බවට අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ කිසිසේත්ම ප්‍රයෝගික නොමැති බව ඒ මහතා සඳහන් කරනවා.

විදුලි ක්ෂේත්‍රයේ මතුව ඇති තත්ත්වය මත සහන දිය නොහැකි බව ඔහු කියා සිටිනවා.

රංජන් ජයලාල් මහතා කියා සිටින්නේ ගල් අඟුරු ප්‍රශ්ණය ද විසදා නොමැති වීම සහ අමාත්‍යවරයා පවසන පරිදි ත්‍රිකුණාමලයේ සිට නොරොච්චෝල බලාගාරය දක්වා ගල් අඟුරු විනාඩි තුනෙන් ගොඩබෑම සිදු කරන බව පැවසීම විහිළුවක් බවයි.

විෂය සම්බන්ධව නිසි දැනීමකින් තොරව අමාත්‍යවරයා මෙම ප්‍රකාශ නිකුත් කරන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

කෝපා කමිටුවට අලුත් සභපතිවරයෙක්

දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පත්කර තිබෙනවා.

කසිප්පු පෙරූ හිටපු පීසී මාට්ටු

සිය පදිංචි නිවස තුල කසිප්පු පෙරමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (23) සවස අත්අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසනවා. ලැබුණු තොරතුරක් විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසේදි මෙලෙස...

පුනරීන් බලාගාරයට රනිල්-අදානි ගිවිසුම අනුර කැන්සල් කරයි!

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය...

POPULAR ARTICLES

ICC වසරේ එක්දින කාන්තා කණ්ඩායම මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම ද අද (24) නම්කළා. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත් වනවා....

කෝපා කමිටුවට අලුත් සභපතිවරයෙක්

දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පත්කර තිබෙනවා.

ක්‍රිකට් සභාපති පුටුව කාටද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම පෙරේදා (22) අවසන් වුණා. එහිදී ශ්‍රී...