24 C
Colombo
Sunday, January 5, 2025

ප්‍රතිව්‍යුහගත කරන රාජ්‍ය සමාගම් සඳහා වෙනම මව් සමාගමක්

- Advertisement -

ප්‍රතිව්‍යුහගත කිරීමට රාජ්‍ය ව්‍යවසායන්හි කොටසක් සියකට සීයක් මහා භාණ්ඩාගාරයට අයිති වන පරිදි මව් සමාගමක් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා එම ව්‍යවසායන්හි කොටස් සියයට 100ක් මහා භාණ්ඩාගාර ලේකම්වරයාට අයිති වන පරිදි භාණ්ඩාගාරය යටතේ මෙම සමාගම පිහිටුවීමට නියමිත බවයි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රතිව්‍යුහගතකරණය සඳහා හඳුනා ගනු ලබන රාජ්‍ය ව්‍යවසායන් එම මව් සමාගම් අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම මෙමඟින් සිදු කරනු ඇති.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES