28.1 C
Colombo
Wednesday, December 4, 2024

මල්ලි යවපු රොකට් එක බලන්න නුවරට එන්න – නාමල්ගෙන් ආරාධනා

- Advertisement -

තම බාල සොහොයුරා වන රෝහිත රාජපක්ෂ මහතා විසින් අභ්‍යකාශ ගත කළ රොකට්ටුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සති අන්ත ජාතික පුවත්පතකට අදහස් පළ කර තිබෙනවා.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ “මගේ පොඩි මල්ලි අධ්‍යාපනය හදාරලා කොම්පැණියක රාජකාරියට ගියා. අදටත් නුවරට ගිහින් ඔයාට බලන්න පුළුවන් මල්ලි යවපු රොකට් එක යවපු ලැබ් එක එහෙම. බලන්න එතන ආයෝජනයක් වෙලාද නැද්ද කියලා. ඒ සැටලයිට් එක යවපු එකෙන් එන ආදායම ගැන ඒ ආයතනයෙන් අහන්න පුළුවන්” යනුවෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ මහතා හෙවත් ‘චිචී’ මහතාගේ මූලිකත්වයෙන් මෙරට ජනතාවගේ බදු මුදල් යොදවාගෙන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කොට 2022 නොවැම්බර් මස 27 වනදාට වසර 10 ක් ගතව සැපිරුනා.

කෙසේ වෙතත් මේ වන විට අදාළ චන්ද්‍රිකාව ආගිය තැනක් වාර්තා නොවන අතර එයින් මෙරටට ලැබුණු කිසිදු ප්‍රතිපලයක් පිළිබදවද නිසි වාර්තාව මේ වන තෙක් අනාවරණය වී නැහැ.

2012 නොවැම්බර් 27 වෙනිදා SUPREMESAT-1 ලෙස නම්කර තිබූ අදාළ චන්ද්‍රිකාව චීනයේ XI-CHANG අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ සිට ගුවන්ගත කළ බව මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂ මහතා එවක සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ රෝහිත රාජපක්ෂ මහතාද අදාළ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සහභාගීවී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද එක්කරමින්.

10-years-today-since-chichi-rocket-was-sent: මල්ලි යවපු රොකට් එක බලන්න නුවරට එන්න – නාමල්ගෙන් ආරාධනා

RECENT ARTICLES - SINHALA

වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව...

ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පවසනවා. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා...

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙලා

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වී තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ...

POPULAR ARTICLES

යුධ නීතිය පැනවූ දකුණු කොරියානු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් ඊයේ (03) ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කර තිබුණා....