30 C
Colombo
Saturday, December 21, 2024

පාස්කු ප්‍රහාරය: සිරිසේන සිරගත කළ යුතු බවට ෆොන්සේකා කියයි

- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්පූර්ණ වරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

වන්දි ගෙවීමෙන් පමණක් විපතට පත් වූවන්ට සහ රටට සාධාරණයක් ඉටු කළ නොහැකි බැවින් හිටපු ජනාධිපතිවරයාට මීට වඩා දැඩි දඩුවමකට ලක්විය යුතු බව‍යි ඔහු පෙන්වා දෙන්නේ.

මරණ දඬුවම නොමැති බැවින් ඔහුට සිරදඬුවම් හෝ ලබාදිය යුතු බව සරත් ෆොන්සේකා පවසනවා.

2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෛත්‍රීපාල සිරිසේනට නියෝග කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අදාල තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ “ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්” 2019 අප්‍රේල් බෝම්බ ප්‍රහාර “වැළක්වීමට අපොහොසත් වීම” සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ගොණුකළ චෝදනා සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි.

RECENT ARTICLES - SINHALA

හැටන් බස් රථ අනතුරෙන් තිදෙනෙක් මිය ගිහින්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදු වූ අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති...

මියන්මාර සරණාගතයින් අතර සිටි පිරිසකට නියෝගයක්

මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පාවී ආ මියන්මාර් සරනාගතයින් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අදාළ...

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා....

POPULAR ARTICLES