29.6 C
Colombo
Friday, April 18, 2025

තුරඟ තරඟ පිටියේ තරුණිය ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට

- Advertisement -

කොළඹ තුරඟ තරඟ පිටියේ දී විශ්ව විද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට විශ්ව විද්‍යාලය සිසුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර ප්‍රශ්ණ කිරීම සඳහා කුරුඳුවත්ත පොලිසියට ගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර අද (17) දහවල් කොළඹ තුරඟ තරඟ පිටියේ දී ඝාතනය කර සිටි තරුණිය සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිව තිබෙනවා.

මියගිය තරුණිය 24 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියෙක් වන අතර විද්‍යා පිඨයේ තෙවැනි වසරේ සිසුවියෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා, “අද දහවල් 12න් පසු කුරුඳුවත්ත පොලිස් වසමේ තුරඟ තරඟ පිටියේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වාර්තා වුණා. පසුව පොලීසිය තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළා. එහිදී අනාවරණය වුණා ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ අධ්‍යාපන ලබන ශිෂ්‍යයාවක්. ඇය තෙවැනි වසරේ සිසුවියක්. ඇයගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී තිබෙන බවට මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙන්නේ. ඒ කැපුම් තුවාලවලින් අධික ලේ ගලායාම නිසා ඇය එම ස්ථානයේ දී මියගොස් තියෙනවා. හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයාවක් ලෙසද අපිට තොරතුරු අනාවරණය වී තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

නුවර බාර් දවස් 10කට වැහෙයි

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව අතරතුර මහනුවර නගරයේ මත්පැන් විකිණීම සහ පරිභෝජනය වැළැක්වීම සඳහා දින 10 ක වැඩසටහනක් ක්‍රියාත්මක වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම...

පුංචි ඡන්දෙට තියෙන උනන්දුව අඩු වෙලා – පැෆ්රල්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු ආරම්භ වූ දින සිටි මේ දක්වා කාලය තුළ කිසිඳු බරපතළ තත්ත්වයක් වාර්තාවී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල...

රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් දුම්රියෙන් මහනුවරට

අද (18) සිට ආරම්භ වන අතර “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එක්වන රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් අද පෙරවරු 7ට...

POPULAR ARTICLES