26.4 C
Colombo
Thursday, December 19, 2024

EXCLUSIVE – පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට සනත්ව ගෙන ඒමේ සුදානමක්

- Advertisement -

ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසුරිය මහතා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත් කිරීමේ සුදානමක් පවතිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සඳහා අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනයට තහනමක් පැනවීමේ පසුබිමකයි.

මෙවර පැවැති පාපන්දු නිලවරණයෙන් දින කිහිපයකට පසු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් මෙම තහනම පැනවුයේ නිලවරණයේ දී දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවූ බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත් නිලවරණයේ දී තමාට දැඩි අසාධාරණයක් වූ බවට පවසමින් හිටපු පාපන්දු සම්මේලන සභාපති ජස්වර් ඔමාර් මහතා මේ වන විට අධිකරණයේ ද නඩුවක් ගොනු කර තිබෙනවා.

මේ අතර ඊයේ (30) පැවැති කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැනුම් දී ඇත්තේ අතුරු කමිටුවක් පත් කර ඡන්දයක් පවත්වා නිලධාරී මණ්ඩලයක් පත් කරගන්නා තෙක් සනත් ජයසුරිය මහතා පාපන්දු සම්මේලනයේ සභාපති කරන බවයි.

මීට පෙර පාර්ලිමේන්තුව නියෝජන කරන ලද සනත් අද වන විට මාතර සිටි පාපන්දු කල්බ් හි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට සේම පාපන්දු ක්‍රීඩාවට ද සනත් ජයසුරිය දක්ෂයෙක් බවයි ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා සඳහන් කරන්නේ.

ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සනත් ජයසුරිය මහතා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත් කර ගැනීමෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මේ වන විට පනවා ඇති තහනම ඉවත් කරගත හැකි බවයි.

කෙසේ වෙතත් පසුගියදා කටාර් හි අවසන් වූ පාපන්දු ලෝක කුසලානය නැරඹීමට ද සනත් ජයසුරිය සහභාගී වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

උත්සව සමයේ හදිසි අනතුරුවල ඉහළයාමක්

පාසල් නිවාඩු කාලය සහ උත්සව කාලය එළඹීමත් සමග හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත...

ජන හා නිවාස සංගණනය අවසන්

මෙවර ජන හා නිවාස සංගණනයට අදාළව හිසට වහලක් නොමැති පුද්ගලයින්ගේ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඊයේ (18) දිනයේ සිදුකර තිබෙනවා. ඊයේ රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී...

චීනෙන් නැගෙනහිරට සහන මලු

අධික වැසි සහිත කාලගුණය නිසා පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ පවුල් 2000ක පුද්ගලයින් සඳහා විශේෂ සහනාධාර මලු බෙදාදීමට මෙරට චීන තානාපති කාර්යාලය තීරණය කර...

POPULAR ARTICLES

උත්සව සමයේ හදිසි අනතුරුවල ඉහළයාමක්

පාසල් නිවාඩු කාලය සහ උත්සව කාලය එළඹීමත් සමග හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත...

ඉන්දීයාවේ මගී ප්‍රවාහන යාත්‍රා අනතුරකින් 13ක් මරුට

ඉන්දීය නාවික හමුදාවට අයත් වේග යාත්‍රාවක්, මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නාවික හමුදා සෙබලෙකු...

ජන හා නිවාස සංගණනය අවසන්

මෙවර ජන හා නිවාස සංගණනයට අදාළව හිසට වහලක් නොමැති පුද්ගලයින්ගේ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඊයේ (18) දිනයේ සිදුකර තිබෙනවා. ඊයේ රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී...