75 වැනි නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වැනි දා උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කටයුතු කොට තිබෙනවා.
ජාතික නිදහස් දින උළෙල පැවැත්වෙන එදින එයට විරෝධය පළ කිරීමක් ලෙස සියලු ම වෙළෙඳසැල් වසා දමා ඒවායේ කළු කොඩි ඔසවන ලෙසට ජනතාවගෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටිනවා.
ජාතික නිදහස් දිනයට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල විරෝධතා පෙළපාලි රැසක් සංවිධානය කොට ඇති අතර නිදහස් දිනය දා යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පාගමනක් ද පැවැත්වීමට කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වනවා.
ශිෂ්‍ය සංගමය විසින් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට නිවේදනය කරන්නේ, පෙබරවාරි 4 වැනි දා පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන දා එම ප්‍රදේශවල සියලු කටයුතු නවතා දැමිය යුතු බවටයි.