මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බාරගෙන ඇති බව වාර්තා වනවා.
මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට පසුගිය 25 වනදා ලිපියක් මගින් දැනුම් දී තිබූ බව වාර්තා විය. ජනපතිවරයාගේ එම තීරණය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඇයට දැනුම්දී තිබෙනවා.