31 C
Colombo
Tuesday, December 24, 2024

EXCLUSIVE – අශ්වයන්ට කන්න දෙන්නත් සල්ලි නැහැ. ඒත් තව අශ්වයෝ 12 ක් ගෙන්නනවා – පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය

- Advertisement -

රට තුළපවතින ඩොලර් අර්බුදය හේතුවෙන් පොලිස් අශ්වයන්ට රට කෑම ලබාදීම අර්බුදයට ලක්ව තිබෙනවා.

ඒ අනුව මේ වන විට කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් අශ්වාරෝහක කොට්ඨාස ආරංචි මාර්ගවලින් සඳහන් වන්නේ අශ්වයන්ට දේශීයව ආහාර වර්ග ලබාදීමේ මෙම වැඩපිළිවෙල සාර්ථකව වී ඇති බවයි.

මේ අතර පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහා අශ්වයන් තවත් 12 දෙනෙකු විදේශයෙන් මිලදී ගැනීමට අනුමැතිය ලැබී තිබෙනවා.

අද වන විට පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයෙන් 36 දෙනෙකු සිටියද එය රාජකාරී කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

පොලිසියේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා අශ්වයෙකු රුපියල් ලක්ෂ හතළිහකට වැඩි වටිනාකමකින් යුක්ත වෙනවා.

මේ වන විට පොලිස් ආශ්වාරෝහක කොට්ඨාශයේ අශ්වයන් කිහිප දෙනෙක් වයස්ගත සහ අසනීප මට්ටමේ පසුවන අතර වයස්ගත අශ්වයෙකු පසුගිය මාසයේ දී මියගොස් තිබෙනවා.

මේ අතර අශ්වයන් සඳහා රටින් ආහාර ගෙන්වීමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බවද පොලිස් ආරංචි මාර්ගවලින් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අලුත් පත් කිරීමක්

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ Bate...

ඉන්දීය ධීවරයින් 554ක් අත්අඩංගුවට

2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධීවර යාත්‍රා 72ක්ද සමග...

ජැක්සන්ගේ බෑනා මානව හිමිකම් යයි

පසුගියදා අතුරුගිරිය පොලිස් වසමේදී අනීතිකව අත්අඩංගුවට ගැනීමක් සහ අපහාස කිරීමක්  සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාරදීමට ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා නීතිඥවරුත් සමඟ අද (24) ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අලුත් පත් කිරීමක්

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ Bate...

අමෙරිකානු ගුවන් සේවය රට පුරා සියලුම ගුවන් ගමන් නවතලා

ඇමරිකානු ගුවන් සේවය රට පුරා ගුවන් ගමන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ 'තාක්ෂණික ගැටළුවක්' හේතුවෙන්. ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසුවේ සියලුම ගුවන් ගමන්...

ඉන්දීය ධීවරයින් 554ක් අත්අඩංගුවට

2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධීවර යාත්‍රා 72ක්ද සමග...