වරක් භාවිතා කර ඉවත ලන ප්ලාස්ටික්/පොලිතින් නිෂ්පාදන 07 ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය තහනම් කර තිබෙනවා.
ඒ අනුව,
• එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ
• ප්ලාස්ටික්වලින් නිර්මිත යෝගට් හැඳි, ඇතුළු වරක් භාවිත කර ඉවතලන පිඟන්, කෝප්ප (යෝගට් කෝප්ප හැර) හැඳි, ගැරප්පු සහ පිහි
• ප්ලාස්ටික් මල්මාලා,
• ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි
යනාදිය මේ අනුව එළැඹෙන ජූනි මස 01 වනදා සිට තහනම් වනු ඇති.
පරිසර අමාත්‍යවරයා විසින් ගෙන එන ලද මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී නිවේදනය කරනු ලැබූවා.