27 C
Colombo
Saturday, December 21, 2024

කූඹියෝ නාට්‍යයෙන් දේශපාලනය විග්‍රහ කරොත් අබ සරණයි..! – දුමින්ද නාගමුව (VIDEO)

- Advertisement -

‘කූඹියෝ’ වැනි ටෙලි නාට්‍යය හරහා දේශපාලනය කියවීමට උත්සහ කිරීම අනතුරුදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

News 19 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසා සිටියේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව සිය පක්ෂය විසින් භාවිතා කරන බවට ‘කූඹියෝ’ වැනි ටෙලි නාට්‍යය ඈඳමින් කරන ප්‍රකාශ පිළිබඳව ජනතාව නැවතත් සිතා බැලිය යුතු බවයි.

“කූඹියෝ ටෙලි නාට්‍යයෙන් දේශපාලනය විග්‍රහ කරගන්න හදනවා නම් කවුරු හරි, මං කියන්නේ ඉතින් අබ සරණයි කියලා තමයි. ඒ වගේ නාට්‍යය 4ක් විතර ගැහුවොත් කවුරු හරි, කිසිම දේශපාලනයක් හොයා ගන්න බෑ.”

වසන්ත මාස 5ක් හිටියා හිර කූඩුවේ. ඔහු ත්‍රස්ත විමර්ෂණ අංශයේ ඉඳිද්දී ඔහුම මාධ්‍යයට ඇවිත් ප්‍රකාශ කළා අඩි 6×4 කාමරයක තමයි දාලා හිටියේ කියලා. ඉතින් මම කියන්නේ එහෙම මනුස්සයෙක්ව පාවිච්චි කරනවා කියලා කියනවා නම් ඒ කියන අය බලන්න ඕනෙ එහෙම කියන්න පුළුවන්ද කියලා.”

ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ සිය පක්ෂය ඇති කරගත් පොදු සම්මුතියක් තිබුණද පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනය ඉක්මවූ සමාජ ප්‍රතිසංස්කරණයක් අරමුණු කරගත් පක්ෂයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථිකය සම්බන්ධව මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය උපරිම මැදිහත්වීම සිදු කරන බවත් දිගින් දිගටම ඊට අදාල විරෝධතාවන් සිදුකරන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා පවසනවා. එමෙන්ම, අර්බුදය භාවිතා කරමින් බලය ඩැහැ ගැනීමට උත්සහ දරන පාර්ශව වලට කිසිඳු ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් නොමැති බවත් අනෙක් අයට බලය දුන් නිසා අපටත් බලය දෙන්න යන තේමාවෙන් පමණක් ඔවුන් කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම්වලින් 60 ක් මරුට

වසරේ ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත...

මාළු මිල සීඝ්‍රයෙන් ඉහළට

මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය පවසනවා. ඒ, මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙන්. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය...

තැනින් තැනට වැස්ස

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. එමෙන්ම නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත්...

POPULAR ARTICLES

ජර්මනියේ නත්තල් වෙළෙඳපොළක අනතුරක්

නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් ධාවන කිරීමෙන් සිදුවූ අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් තවත්...

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම්වලින් 60 ක් මරුට

වසරේ ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත...

ගාල්ලේ වෙඩි තැබිමක්

UPDATE ගාල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ------------------------------------- ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු...