එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ගත් ඒකමතික තීරණයකට අනුවයි.
අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (22) ප්‍රකාශයට පත් කළා.
පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි.