දැනට රජය පවරාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය තම රජය යටතේ නිදහස් කර පෞද්ගලීකරණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (23) ජාතික ජන බලවේගය විසින් මහනුවරදී පවත්වන ලද ජන රැළියක් අමතමිනි.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද මේ වන විට රජයට පවරාගෙන ඇත්ත ජාතික ජනබලවේගයේ රජයක් යටතේ ඇයද පුද්ගලීකරණය කරන බවද ඒ මහතා සඳහන් කළා.
ඊට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද රජය විසින් නඩත්තු කිරීම අතහැර පුද්ගලික අංශයට භාරදෙන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.