29.1 C
Colombo
Sunday, March 30, 2025

චෝදනා කරන අයට නාමල් ලබාදුන් අභියෝගය

- Advertisement -

තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයන් අයථා ලෙස උපයා ඇති වත්කම් පිළිබඳ චෝදනා ඔප්පු කරහොත් ඒවා වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

ඇතැම් මිනිසුන් සිදුකරන චෝදනාවට තමා ඇතුළු පවුලේ සාමාජිකයන් වැරදිකරුවන් නොවන බවට දිවුරුම් ප්‍රකාශ මඟින් ද සනාථ කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

“යහපාලන ආණ්ඩුවක් ආවා. අනුර කුමාර මහත්තයත් ඒකේ හිටියා, සජිත් ප්‍රේමදසා මහත්තයාත් ඒකේ හිටියා, අපේ ජනාධිපතිතුමත් ඒකේ හිටියා. ලෝකේ වටේ ගියා අපේ ගිණුම් හොයන්න.

රංජන් රාමනායක මහත්තයා ඩුබායි මැරියට් හෝටලය ළඟට ගිහිල්ලා කිව්වා, මේ නාමල්ගේ හෝටලය කියලා. වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා රාජපක්ෂලාට එහෙම ජාත්‍යන්තර ගිණුම් තියෙනවා කියලා කිසිම තැනක තහවුරු වෙලා නැහැ කියලා.

එදා කියපු බොරුව අද ඒ විදිහටම අද ආයේ වතාවක් කියනවා. ෆයිල් මිටි ගහගෙන ඉන්න ඕනේ නැහැ. ෆයිල් මිටි හංගගෙන ඉන්න ඕනේ නැහැ. ඒ අයට සාක්ෂි තියෙනවානම්, ඔප්පු කරන්න සාධක තියෙනවානම්, මගේ නමට හෝ අපේ පවුලේ කෙනෙක්ගේ නමට ඔප්පුවක් තියෙනවානම්, මේ ලෝකේ තියන රටවල ෆයිල් හංගගෙන ඉන්න එපා අරගෙන එන්න. අපි දිවුරුම් ප්‍රකාශයකින් ලියලා දෙන්නම්.

උගන්ඩාවට සල්ලි යැව්වා.. අමූලික බොරුවක්. බලය ලබාගන්න බොරු කරනවා. බොරු කිය කිය ඉන්න දෙයක් නැහැ. ඔය කියන සාධක තියෙනවානම් අපි ලෑස්ති ඒ සියල්ලම අපි ආණ්ඩුවට පවරන්න, රටට පවරන්න.”

RECENT ARTICLES - SINHALA

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

POPULAR ARTICLES

මියන්මාරයේ වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයක්

මියන්මාරයේ වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය, අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ, තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම්...

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...