බරපතල වැඩ සහිතව සිර දඬුවම් විඳිමින් සිටින විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා තම ජීවිත කතාව ලියමින් සිටින බව ‘නිව්ස් 19’ ට වාර්තා වේ.
මේ වනවිට අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සී වාට්ටුවේ සිර කර සිටින රාමනායක මහතා බන්ධනාගාරයේ පුස්තකාලය නිරන්තරයෙන් පරිහරණය කරමින් සිටින්නේ යැයි ද එහි ප්‍රකාශකයෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරනු ලැබුවේ රටේ විනිසුරුවන් හා නීතිඥයන්ගෙන් බහුතරයක් දූෂිත බව පැවැසීමෙන් අධිකරණයට අපහාසයක් වී යැයි යන පදනමිනි.